විදුහල්පති පණිවිඩය
අතුරලිය මහ විද්‍යාලය (ජාතික පාසල)

දකුණු පළාතේ අකුරැස්ස අධ්‍යාපන කලාපයේ කීර්තිමත් පාසලක් ලෙස අප පාසලේ දරුවන් සෑම අංශයකින්ම දක්ෂතා දක්වමින් දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගමින් සිටී.
අප පාසල් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාසලේ නාමය සයිබර් අවකාශයට එක්වන මේ මොහොතේ මාගේ සුභාශිංසන එකතු කිරීමට කැමැත්තෙමි.
මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කල ගුරු භවතුන් ඇතුළු සිසු දරුවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.
විදුහල්පති,
එස්.වි.එ.ආර්.ප්‍රියදර්ශනි
අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)